2024-01-01 18:40:09
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත නැගෙනහිර ප්‍රදේශයේ සිංහල සහ දමිළ භාෂාවන් කතා කරන ළමුන් අතර භාෂා දැනුම ලබාදීමේ අරමුණින් මීට මසකට පෙර වැලිකන්ද නෙළුම්වැව මහා විද්‍යාලයේ සිංහල සිසුන් සඳහා දමිළ භාෂා පාඨමාලාවක් ආරම්භ කරන ලදී. එහි දෙවන අදියර පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 30) දින කොක්අඩිචෝලේ R.K.M විද්‍යාලයේ දී ආරම්භ කල අතර, ඒ සඳහා සිංහල සිසුන් 103 දෙනෙකු සහභාගී වූහ.
2024-01-01 18:34:01
4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී සහ එම ඒකකයේ භටපිරිස් එක්ව විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 26) දින සතුරුකොන්දන්, ‘Ozanam’ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2024-01-01 18:25:18
බදුල්ල මහියංගන මාර්ගයේ තල්දෙන ප්‍රදේශය ආසන්නයේ වැටී තිබූ විශාල ගසක් හේතුවෙන් මාර්ගයේ ඇතිව තිබූ ගමනාගමන අවහිරතාවය ඉවත් තිබූ කිරීමට ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින කටයුතු කලහ.
2023-12-30 20:15:50
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් කරදියනාරු මහා විද්‍යාලයේ නත්තල් කැරොල්ගී ප්‍රසංගය පැවැත්වීම සඳහා දායක වූ සියළු සිසුන් සහ ගුරුවරු වෙනුවෙන් කෙටි ආහාර පැකටි 400 ක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින බෙදාදෙන ලදී.
2023-12-30 20:13:11
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා මුලස්ථානයේ 53 සේනාවිධායක මේජර් ජෙනරල්..
2023-12-30 20:07:17
නව ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවිපී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29 ) දින එම මුලස්ථානයේ භඨ පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ
2023-12-30 20:03:37
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර ස්ථාපිත 22 පාබල සේනාංකය යටතේ 223 පාබල බළසේනාවේ භඨ පිරිස් විසින් නත්තල් දිනයට සමගාමීව කන්තලේ “95 Gantalawa Our Lady of Perpetual Help ” දෙව්මැදුරේ සහයෝගය ඇතිව නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පසුගිය බදාද (දෙසැම්බර් මස 27 ) දින මුතූර් නගරයේදී සංවිධානය කරන ලදී.
2023-12-30 20:01:29
අනුරාධපුර කැලැත්තෑව සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස කර්නල් ඒ.එච්.ආර් හසන්ත ආර්එස්පී පීඑස්සී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2023-12-29 20:50:04
ආරක්ෂක සේනා මූලස්ථාන - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකය යටතේ ඇති 222 පාබල බළසේනාවේ බළප්‍රදේශයට අයත් 5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භඨ පිරිස් විසින් අග්බෝපුර ආර්ථීක දුක්ෂරතා අති ගැබිණි කාන්තාවන් 20 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත පාර්සල් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 23) දින අග්බෝපුර ප්‍රථමික වෛද්‍ය සත්කාර ඒකකයේ දී බෙදාදෙන ලදී.
2023-12-29 20:48:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් එන්ඩීසී ඒඒටීඹ්, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, නව ආඥාපති ලෙස පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානූකූලව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.