30th December 2023 20:07:17 Hours
නව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවිපී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29 ) දින එම මුලස්ථානයේ භඨ පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමීන් සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනි සිට සියලුම නිලයන් සමඟ තේපැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය.
මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවිපී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී භට පිරිස් අමතමින් විනය පවත්වා ගැනීමේ වැදගත් කම සහ සාර්ථකත්වය ලගාකරගැනීමේ දී සිදුකලයුතු කාර්යභාරය අවධාරණය කරමින් එතුමන්ගේ ඉදිරි දැක්ම පැහැදිලී කලේය.
14 සහ 61 පාබල සේනාංකවල සේනාකධිපතිවරුන් ආරක්‍ෂක සේනා මූලස්ථාන - බටහිර සම්මන්ත්‍රණ ශාලාවේදී සිය බළප්‍රදේශයන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් නව ආඥාපති තුමන් වෙත ඉදිරිපත් කරන ලදී. 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති 61 සේනාංකයේ සේනාංකාධිපති 14 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, අණදෙන නිලධාරි වරුන් හා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී විය.
මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවිපී ආර්එසපී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී යුද්ධ හමුදා මුලස්ථානයේ, යුද සේවා ලේකම් ධූරයේ රාජකාරි කටයුතුද හොබවයි