Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2023 20:48:14 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, නව ආඥාපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් එන්ඩීසී ඒඒටීඹ්, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, නව ආඥාපති ලෙස පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානූකූලව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එතුමන් ධූරයේ රජකාරි භාරගනු ලැබීය.

උත්සව අවස්ථාවට ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ රාජකාරියෙහි නියුතු මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.