Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2023 20:15:50 Hours

කරදියනාරු මහා විද්‍යාලයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගයට යුද්ධ හමුදා දයකත්වයෙන් කෙටි ආහාර වේලක්

ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් කරදියනාරු මහා විද්‍යාලයේ නත්තල් කැරොල්ගී ප්‍රසංගය පැවැත්වීම සඳහා දායක වූ සියළු සිසුන් සහ ගුරුවරු වෙනුවෙන් කෙටි ආහාර පැකටි 400 ක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින බෙදාදෙන ලදී.

තන්නමුනෙයි ශාන්ත ජෝෂප් දේවස්ථානයේ ගරු මෙරුෂන් හෙන්රික් පියතුමා ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් පරිදි, 4 ගැමුණු හේවා බළකායේ භඨපිරිස් විසින් මෙම ප්‍රසංගය සංවිධානය කරන ලදී.