Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2023 20:13:11 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා මුලස්ථානයේ සේනාවිධායක වෙත එම මුලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා මුලස්ථානයේ 53 සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ භඨ පිරිස් විසින් ගෞරවාචාරය පිරිනැමීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා මුලස්ථානය වෙත පැමිණි සේනාවිධායකතුමන් එම මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, මද්‍යස්ථාන සේනාවිධායකතුමන් සහ එම මුලස්ථාන බළඇණියේ අණදෙන නිළධාරි තුමන් විසින් උණුසුම් අයුරින් පිළගැනීමෙන් අනතුරුව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමණ ලදී.

මේජර් ජෙනරල් යූ. ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩී පීඑස්සී, විසින් රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පරම වීර විභූෂණ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් ප්‍රදානය කරන ලද ජාතික අභිමානීය සංගීතය ඛණ්ඩ මධ්‍යයේ යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් තුසිත සිල්වා කේඑස්පී විසින් එතුමන් වෙත සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සදහා ප්‍රධාන පීඨීකාව වෙත කැදවාගෙන යන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා මුලස්ථානයේ 53 සේනාවිධායක විසින් සමරු පොතෙහි සටහනක් තැබීමෙන් අනතුරුව සිය රාජකාරි ලබා දෙනු ලැබීය. පසුව “Rendezvous Pavilion” හි තම ඡායාරූපය විවෘත කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීහ.

එතුමන් භඨ පිරිස් අමතා සිය ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය සදහා කෘතඥතාව පළ අතර, සියලු නිල තේ පැන් සංග්‍රහක් සඳහා එක් විය. එහිදී එම මුලස්ථානයේ සේවයේ නියතු සියළු සෙසුනිලයින් වෙනුවෙන් රෙජිමේන්තු සැරයන් මේජර් විසින් එතුමන් වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී.

ගෞරවාචාරය උතසවයේ සමාප්තිය සනිටුහන් කරමින් ප්‍රධාන දොරටුව‍ වෙත පිවිසෙන මාර්ගය දෙපස නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ ජයස්ශ්‍රි හඩ මධ්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් බළසේනා මූලස්ථානයෙන් පිටව ගියේය.