Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2024 18:25:18 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් බදුල්ල මහියංගන මාර්ගයේ ඇතිව තිබූ අවහිරතාවයන් ඉවත් කරයි

බදුල්ල මහියංගන මාර්ගයේ තල්දෙන ප‍්‍රදේශය ආසන්නයේ වැටී තිබූ විශාල ගසක් හේතුවෙන් මාර්ගයේ ඇතිව තිබූ ගමනාගමන අවහිරතාවය ඉවත් තිබූ කිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් පසුගිය බ‍්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින කටයුතු කලහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්වීයූ පීඑස්සී ගේ උපදෙස් මත 2 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී ගස ඉවත් කිරීමෙන් පසු රථ වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරනු ලැබීය.

2 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ එක් නිලධාරිකු සහ සෙසු නිලයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැය කිහිපයක් ඇතුළත ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරනු ලැබූහ.