2025-02-01 12:47:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් කේ.ඒ.පී. කුරුප්පු යූඑස්පී නීති සේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලයේ කාර්ය නියුතු නව අධ්යක්ෂ ලෙස 2025 ජනවාරි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2025-02-01 12:46:32
141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ, 2025 ජනවාරි මස 22 දින එම බලසේනාවේ රාජකාරියෙහි නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් වෙනුවෙන් ‘ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් අයවැයකරණය’ පිළිබඳ හරවත් දේශනයක් පවත්වන ලදී.
2025-02-01 12:45:12
රජය විසින් දියත් කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහයෝගයක් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, 8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් 2025 ජනවාරි මස 30 දින පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2025-02-01 12:45:11
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ ජෙට්වින් හෝටල් සීමාසහිත සමාගමේ විධායක කාර්ය මණ්ඩලය විසින් භෝජනාගාර සහයක සහ සුපවේදී පුහුණු වැඩමුළුවක් 2025 ජනවාරි මස 28 දින සිට 30 දින දක්වා 59 පාබල සේනාංකයේදී පවත්වන ලදී.
2025-02-01 12:45:10
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 2025 ජනවාරි මස 31 දින, 2 විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘දකුණු ආසියාවේ අන්තවාදය සහ ත්‍රස්තවාදය’ යන මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්විය.
2025-01-31 15:22:20
බදාදා පුහුණු දින වැඩසටහනට සමගාමීව 2025 ජනවාරි මස 29 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී “පෝෂණ විද්‍යාව” පිළිබඳ විශේෂ දේශනයක් පවත්වන ලදී. මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.
2025-01-31 15:22:10
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ වයඹ පළාත් ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධීකරණය යටතේ, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2025 ජනවාරි මස 28 දින කුරුණෑගල දුම්රිය ස්ථානයේ දී පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමඟාමීව සිදු කරන ලද මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමන් හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් අධීක්ෂණය කරන ලදී.
2025-01-31 10:52:51
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී
2025-01-31 10:51:05
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 30 දින පවත්වන ලදී. මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.
2025-01-31 09:22:31
යුද්ධ හමුදා මූලස්ථාන කාර්යාලයේ පැවති සරල උත්සවයකදී නව යුද්ධ හමුදා ගමන් පාලන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් සී.ඩී. වික්‍රමනායක ඩබ්ලිව්වී ආර්එස්පී එන්ඩීසී විසින් 2025 ජනවාරි මස 29 දින ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.