Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2025 12:45:12 Hours

8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් රුක් රෝපණ වැඩසටහනක් පවත්වයි

රජය විසින් දියත් කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහයෝගයක් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, 8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් 2025 ජනවාරි මස 30 දින පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිරගේ උපදෙස් මත 57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ සහ 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.

ඒ අනුව, මෙම වැඩසටහනේදී ඔවුන් අලි අනාථාගාරයේ තෝරාගත් භූමි ප්‍රමාණයක පැළ 500 ක් රෝපණය කළහ.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම්, කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති, රඹුක්කන සහකාර දිසාපති, අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සහ දිස්ත්‍රික් වන සංරක්‍ෂණ නිලධාරින් සහභාගි වූහ.

තවද, මෙම වැඩසටහනට පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ පාසලේ සිසුන් මෙන්ම එම අවස්ථාවේදී අලි අනාථාගාරය නැරඹීමට පැමිණි විදේශිකයන් ද සහභාගි වූහ.