Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2025 12:47:32 Hours

නීති සේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් කේ.ඒ.පී. කුරුප්පු යූඑස්පී නීති සේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්ය නියුතු නව අධ්‍යක්‍ෂ ලෙස 2025 ජනවාරි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කර්නල් කේ.ඒ.පී. කුරුප්පු යූඑස්පී සිය කාර්යාලයේ දී සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත් අතර, අනතුරුව එතුමන් ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය. පසුව එතුමන් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිලධාරින් සහ සෙසු නිලයන් අමතමින් තම දැක්ම පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් රැසක් සහභාගි වූහ.