Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2025 09:22:31 Hours

නව යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථාන කාර්යාලයේ පැවති සරල උත්සවයකදී නව යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් සී.ඩී. වික්‍රමනායක ඩබ්ලිව්වී ආර්එස්පී එන්ඩීසී විසින් 2025 ජනවාරි මස 29 දින ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් කිහිප දෙනෙකු ඉදිරියේ ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මීට පෙර මෙම තනතුරේ රාජකාරි ඉටුකල බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර්. ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විශ්‍රාම දිවියට පා තැබීමෙන් පසු එතුමන් මෙම තනතුරට පත් වූ අතර, මෙම පත්වීමට පෙර එතුමන් 643 පාබල බලසේනාවේ බලසේනාධිපති ධූරය හොබවන ලදී.