Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2025 10:51:05 Hours

52 පාබල සේනාංකය විසින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 30 දින පවත්වන ලදී. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී.

521, 522 සහ 523 පාබල බලසේනාවල භටපිරිස්, රජයේ නිලධාරින් සහ සිවිල් ජනතාව සමඟ සහයෝගයෙන්, කැලිකසළ ඉවත් කිරීම සහ මාර්ගය දෙපස පිරිසිදු කිරීම අවධානය යොමු කරමින් චාවකච්චේරි නගර සභාවට අයත් ප්‍රදේශය පිරිසිදු කරන ලදී. මෙම වැඩසටහනට යුද්ධ හමුදා සාමාජිකයන් 250 ක් සහ සිවිල් වැසියන් 300ක් පමණ සහභාගී වූහ.

මෙම අවස්ථාවට පූජක පක්‍ෂය ඇතුළු රජයේ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන් සහ ප්‍රදේශයේ ජනතාව සහභාගි වූහ.