2024-01-16 20:22:59
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ 22 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය සිංහ සමාජය සමඟින් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් සඳහා අක්ෂි වෛද්‍ය සායනයක් 22 පාබල සේනාංක මූලස්ථානයේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 13) දින සංවිධානය කරන ලදී. එහිදී, BMI හා රුධිරයේ ග්ලූකෝස් පරීක්ෂාව සිදුකිරීම සහ රුධිර පරිත්‍යාග වැඩසටහනක්ද පවත්වනු ලැබීය.
2024-01-16 20:20:20
වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යන හිටපු ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජනවාරි මස 13 දින සිය ධූරයෙන් නික්ම ගියේය. ධූරයෙන් නික්ම ගිය ආරක්ෂක සේනා ආඥාපති - යාපනය 51, 52 සහ 55 පාබල සේනාංකයන්හි සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානයන්හි භටපිරිස් ආමන්ත්‍රණය කළේය. එහිදී, එතුමන්ගේ සේවා කාලය තුළ උසස් වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යාම සහ යාපනය අර්ධද්වීපයේ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔවුන් දැක්වූ කැපවීම වෙනුවෙන් සියලු නිලයන් වෙත එතුමන්ගේ කෘතඥතාව පළකළේය.
2024-01-16 20:17:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් ධූරයේ රාජකාරී භාරගනු ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, පසුගිය බදාදා (ජනවාරි මස 10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2024-01-16 20:12:06
අක්කරෙයිපත්තු, ශ්‍රී විජයාරාම විහාරස්ථානය භූමිය වෙත ජනවාරි මස 10 දින කඩා වැටුණු ගසක් ඉවත් කිරීමට 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ. අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වයත් සමඟ මෙම ගස කඩා වැටීම හේතුවෙන් දම්මරතන සිංහල විද්‍යාලය වෙත යන මාර්ගය අවහිර වී වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති අතර ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී ඇත.
2024-01-16 20:09:35
කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ අභිමානවත් 3 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා පාබල අධ්යක්ෂ හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ බළකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මඟපෙන්වීම යටතේ සැමරුම් උත්සවයක් එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-01-14 18:14:07
පවතින අයහපත් කාලගුණයත් සමඟ සාගම වැව් බැම්මෙන් ජලය කාන්දුවීම හේතුවෙන් සාගම වැව භාර...
2024-01-14 18:11:41
අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සිඩීඑස් පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-01-14 18:08:56
නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරය සුරක්ෂිත කිරීමේ අරමුණින් 16 ගජබා රෙජිමේන්තුවේ...
2024-01-14 18:06:34
ආනන්දපුරම් රජයේ දමිළ...
2024-01-14 18:03:29
නාවට්කුලි සමිද්ධි සුමන විහාරස්ථානයේ නව විහාර මන්දිරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ ප්රණ්යෝත්සවය පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 13) දින පැවැත්වුණු අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.