Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2024 18:14:07 Hours

8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සාගම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ සාගම වැව් බැම්මෙන් ජලය කාන්දුවීම හේතුවෙන් සාගම වැව භාර වාරි ඉංජිනේරුවරයා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 09) දින එම වැව් බැම්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

තම්බිලුවිල් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත භටපිරිස් වැලි කොට්ට අතුරා වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී. 24 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් සහ 242 පාබල බලසේනාවේ බලසේනාධිපති හා 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.