Header

Sri Lanka Army

Defender of the Nation

16th January 2024 20:17:25 Hours

නව විධායක ජෙනරාල් විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිරීක්‍ෂණ චාරිකාවක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් ධූරයේ රාජකාරී භාරගනු ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, පසුගිය බදාදා (ජනවාරි මස 10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත සපැමිණි එතුමන් යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී විසින් පිළිගැනීමෙන් අනතුරුව, එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යයන් පිළිබඳව දැනුවත් කෙරිණි. පසුව, නව විධායක ජෙනරාල්තුමන්, විනයාරක්‍ෂාධිපතිතුමන් සහ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිටියහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.