Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2024 18:03:29 Hours

නාවට්කුලි සමිද්ධි සුමන විහාරස්ථානයේ නව විහාර මන්දිරයක් ඉදිකිරීමට 11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි දායකත්වය

නාවට්කුලි සමිද්ධි සුමන විහාරස්ථානයේ නව විහාර මන්දිරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ ප්‍රණ්‍යෝත්සවය පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 13) දින පැවැත්වුණු අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර 523 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය හා තාක්‍ෂණික දැනුම ලබාදෙනු ලබයි.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය අම්පාර දිසාවේ ගරු ප්‍රධාන විනිසුරු නුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය විසින් ලබාදෙනු ලබයි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.