Header

Sri Lanka Army

Defender of the Nation

16th January 2024 20:20:20 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යන හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජනවාරි මස 13 දින සිය ධූරයෙන් නික්ම ගියේය. ධූරයෙන් නික්ම ගිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය 51, 52 සහ 55 පාබල සේනාංකයන්හි සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානයන්හි භටපිරිස් ආමන්ත්‍රණය කළේය. එහිදී, එතුමන්ගේ සේවා කාලය තුළ උසස් වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යාම සහ යාපනය අර්ධද්වීපයේ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔවුන් දැක්වූ කැපවීම වෙනුවෙන් සියලු නිලයන් වෙත එතුමන්ගේ කෘතඥතාව පළකළේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනැමූහ. අනතුරුව, එතුමන් ධූරයේ රාජකාරි කටයුතු භාරදීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය.

නික්මයන මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.