16th January 2024 20:09:35 Hours
කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ අභිමානවත් 3 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ බළකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මඟපෙන්වීම යටතේ සැමරුම් උත්සවයක් එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
සංවත්සර දින සැමරුමට සමගාමීව මව්බිම වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සහ සේවයේ නියුතු භටපිරිස් වෙත ආශිර්වාද එක්කරමින් පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 02) දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා පසුදින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජාකෙරිණි.
සංවත්සර දිනයේදී එම රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු වෙත භඨපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ රෙජිමේන්තු සම්මාන මුරයක් පිරිනැමූහ. අනතුරුව එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් සියලු නිලයන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය.
මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ෂෙහානි ප්‍රනාන්දු මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.