2024-02-28 12:12:27
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සෙල්ලකතරගම ප්‍රදේශයේ දැඩි ආරථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමේ කටයුතු ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි මස 24) දින ආරම්භ කරන ලදී.
2024-02-28 11:11:10
542 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මඩු සහ මන්නාරම ප්‍රදේශවල පාසල් ළමුන් අතර අන්‍යෝන්‍ය සුහඳතාවය හා ඔවුන්ගේ සහජ කුසලතාවයන් ඔප්නැංවීමේ අරමුණින් 2024 පෙබරවාරි මස 21 දින මන්නාරම නගර ශාලා පරිශ්‍රයේදී ‘අපේ සංස්කෘතිය’ යන තේමාව යටතේ සංස්කෘතික නර්තන තරඟාවලියක් සංවිධානය කරන ලදී.
2024-02-28 11:10:55
‘සිහ නද’ ජාතික කවි පෙරමුණ විසින් අත්තිඩිය, මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ සංගීතමය වැඩසටහන ඉකුත් බදාදා (පෙබරවාරි මස 14) දින පවත්වන ලදී.
2024-02-27 18:23:31
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ පීඑස්සි ඇතුළු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් 2024 පෙබරවාරි මස 26 දින බැතිමතුන් වෙත මුදාහරින ලද පලාලි අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් හතක ක්ෂේත්‍ර සංචාරයක නිරතවූහ. මීට ප්‍රථම බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා ප්රවේශවීමට සීමා කර තිබූ මෙම කෝවිල් 2024 පෙබරවාරි මස 24 දින මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා විවෘත කරනු ලැබිණි.
2024-02-27 18:20:34
24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 20 දින අම්පාර, බක්මිටියාව පාසලේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, සිසු සිසුවියන් 129 දෙනෙකු වෙනුවෙන් රුපියල් 400,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි.
2024-02-27 18:01:44
කදුරුවෙල, වඩිච්චාලය ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 පෙබරවාරි මස 25 දින ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී අයිජී ගේ සුරතින් මුල්ගල් තැබීය.
2024-02-27 17:56:30
අම්පාර දිස්ත්‍රික්කයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු නගාසිටුවීම වෙනුවෙන් 24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2024 පෙබරවාරි මස 18 දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, ධමන මහා විද්‍යාලය, දීඝවාපිය සිංහල විද්‍යාලය, මල්වත්ත පුදුනගර් දමිළ ප්‍රාථමික විද්‍යාලය සහ මහඔය මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 500 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි.
2024-02-27 17:53:19
බිම්බෝම්බ පිළිබද උපදේශන කණ්ඩායමේ තාක්ෂණික මෙහෙයුම් කළමණාකාර ඇන්ඩෲ වර්සාප් මහතා
2024-02-27 17:50:17
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩී.ඒ. අමරසේකර යූඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 පෙබරවාරි මස 22 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තූ මූලස්ථානයේදී පැවැත්විණි.
2024-02-26 15:44:05
‘මූලික පිහිනුම් සහ ජීවිතාරක්ෂක පාඨමාලා අංක - 19’ හි විසිරයාමේ උත්සවය 2024 පෙබරවාරි මස 21 දින අනුරාධපුර, රණසේවාපුර ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.