Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2024 18:23:31 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, බැතිමතුන් වෙත මුදාහරින ලද පලාලි අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි කෝවිල් හි ක්‍ෂේත්‍ර සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ පීඑස්සි ඇතුළු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් 2024 පෙබරවාරි මස 26 දින බැතිමතුන් වෙත මුදාහරින ලද පලාලි අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි කෝවිල් හතක ක්‍ෂේත්‍ර සංචාරයක නිරතවූහ. මීට ප්‍රථම බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා ප්‍රවේශවීමට සීමා කර තිබූ මෙම කෝවිල් 2024 පෙබරවාරි මස 24 දින මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා විවෘත කරනු ලැබිණි.

මෙම ක්‍ෂේත්‍ර සංචාරයේදී, එතුමන් පිල්ලයාර් කෝවිල, ශක්තිවේල් මුරුගන් කෝවිල, රාජේශ්වරී කෝවිල, නාගතම්පිරාන් කෝවිල, ශිවන් කෝවිල, ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල, නාග කෝවිල සහ මනන්පීර් පිල්ලෙයාර් කෝවිලෙහි සංචාරයේ නිරත විය.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසන්ධාන වැඩසටහන්වලට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.