Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2024 15:44:05 Hours

මූලික පිහිනුම් සහ ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 19 සාර්ථකව අවසන්

‘මූලික පිහිනුම් සහ ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 19’ හි විසිරයාමේ උත්සවය 2024 පෙබරවාරි මස 21 දින අනුරාධපුර, රණසේවාපුර ප්‍රදේශයේ පිහිටි ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් මෙම පාඨමාලාව සඳහා සෙබළුන් 27 දෙනෙකු සහභාගී වූ අතර පාඨමාලාවේ දක්‍ෂතම සෙබලා ලෙස 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල වී.ඒ.පී. කුමාර තේරීපත්විය.

සංස්කෘතික නර්තන අංගයන්ගෙන් සමන්විත වූ මෙම විසිරයාමේ උත්සවයේදී පාඨමාලාව හැදෑරූවන් විසින් ජීවිතාරක්‍ෂක ආදර්ශණ සහ පිහිනුම් සංදර්ශනයක්ද පවත්වන ලදී.