Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2024 11:10:55 Hours

මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් වෙනුවෙන් සංගීතමය වැඩසටහනක්

‘සිහ නද’ ජාතික කවි පෙරමුණ විසින් අත්තිඩිය, මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ සංගීතමය වැඩසටහන ඉකුත් බදාදා (පෙබරවාරි මස 14) දින පවත්වන ලදී.

එම රණවිරුවන්ගේ මානසික සුවය හා විනෝදාස්වාදය වෙනුවෙන් මෙම සංගීතමය වැඩසටහන සංවිධානය කර තිබිණි.

එම වැඩසටහන සඳහා මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයේ සේනාවිධායකතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ‘සිහ නද’ ජාතික කවි පෙරමුණේ සාමාජිකයින් පිරිසක් ද සහභාගී වූහ.