Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2024 18:20:34 Hours

24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 20 දින අම්පාර, බක්මිටියාව පාසලේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, සිසු සිසුවියන් 129 දෙනෙකු වෙනුවෙන් රුපියල් 400,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගි විය. Hemas Manufacturing පුද්ගලික සමාගමේ ටී.එම්. ජයරත්න මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ Hemas Manufacturing පුද්ගලික සමාගමේ නියෝජිතයින් පිරිසක් සහභාගී විය.