27th February 2024 17:53:19 Hours
බිම්බෝම්බ පිළිබද උපදේශන කණ්ඩායමේ තාක්‍ෂණික මෙහෙයුම් කළමණාකාර ඇන්ඩෲ වර්සාප් මහතා (Andrew Warsap) (එක්සත් රාජධානිය), උපදේශක නිලධාරී මේජර් ජෙනරල් කුමාර පීරිස් (විශ්‍රාමික) 2024 පෙබරවාරි මස 26 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වෙමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පීඑස්සී හමුවූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පැවති සුහඳ හමුවේදී, ඇන්ඩෲ වර්සාප් මහතා උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවත්, බිම් බෝම්බ, පුපුරා නොගිය බෝම්බ, කුඩා අවි සහ සැහැල්ලු අවිවලින් විපතට පත් වූ පුද්ගලයන්ට උපකාර කිරීමේ කාර්යභාරය පිළිබඳවත් කරුණු දැක්වීය. මේ වනවිට, යාපනය අර්ධද්වීපයේ මුහමාලේ සහ අලිමංකඩ ප්‍රදේශයන් තුල එම ක්‍රියාදාමය සිදුකිරීමට ඉතිරිව ඇති බවත් එහිදී වැඩිදුරටත් එතුමන් ප්‍රකාශ කළේය.
මෙම සුහඳ හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් රජය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නැවත පදිංචි කිරීමේ ප්‍රයත්නය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට සහය දැක්වීම සඳහා බිම්බෝම්බ ඉවත් කිරීම කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය පෙන්වා දුන්නේය.