2024-03-11 11:24:02
112 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් හල්දුම්මුල්ල, දමිළ පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් අතරින් අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සිව්දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 10 දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට 112 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී සහභාගී විය.
2024-03-10 21:40:16
යාපනය අර්ධද්වීපයේ හමුදා භාරයේ පැවති ඉඩම් කොටස්, එම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවන් වෙත නැවත පවරාදීමේ උත්සවයක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී 2024 මාර්තු මස 10 දින පැවැත්විණි. මීට පෙර හමුදා භාරයේ පැවති ඉඩම් නැවත පවරාදීමේ වැඩසටහනේ 24 වන අදියර මෙලෙස ක්‍රියාත්මක කරන ලදී.
2024-03-10 20:33:18
611 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මාර්තු මස 10 දින කෑගල්ල ප්‍රදේශයේ පිහිටි අලගල්ල කඳුවැටියේ බෑවුම් ප්‍රදේශයෙන් ඇදවැටුණු විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු බේරාගැනීමට කටයුතු කරනු ලැබීය.
2024-03-10 11:00:26
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් ‘Blisful Minds’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත මදුරංගල ප්‍රාථමික විද්‍යාලයේ 1 සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 47 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 06 දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-03-10 10:54:53
22 පාබල සේනාංකය සහ ඒ යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 මාර්තු මස 03 ඉරිදා දින තමින්ද ප්‍රියදර්ශන මහතා ප්රමුඛ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත දහම් පාසල් සිසු සිසුවියන් 350 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.
2024-03-10 10:25:50
121 පාබල බලසේනාවේ සහ 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කතරගම - බුත්තල ප්‍රධාන මාර්ගයේ සෙල්ලකතරගම සිට ගෝනගංආර ප්‍රදේශය දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2024 මාර්තු මස 05 දින ක්‍රියාත්මක කරන ලදී.
2024-03-10 10:23:01
1 බලකාය යටතේ ස්ථාපිත 53 පාබල සේනාංකයට අයත් 532 පාබල බලසේනාවේ අභිමානවත් 14 වන සංවත්සර දිනයට සමගාමීව සඳුන්පුර ප්‍රදේශයේ පිහිටි එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.පී. වික්‍රමරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත භටපිරිස් විසින් 2024 මාර්තු මස 04 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පවත්වන ලදී.
2024-03-10 10:18:37
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමාජිකයින්ගේ ආපදා කළමණාකරන සුදානම වැඩිදියුණු කිරීම උදෙසා සංවිධානය කරනු ලැබූ හදිසි ආපදා කළමණාකරන වැඩමුළුව 2024 පෙබරවාරි මස 26 දින සිට 2024 මාර්තු මස 01 දින දක්වා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ වේරහැර, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදි.
2024-03-10 10:12:15
මහ සිකුරාදාව යෙදී තිබූ මාර්තු මස 08 දින වාර්ෂික පාද යාත්‍රාවේ නිරත බැතිමතුන්ගේ පවස නිවාලීම සඳහා ස්ථාන කිහිපයකදී ඔවුන් වෙත පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් 542 පාබල බලසේනාවට අයත් 4 ගජබා රෙජිමේන්තුවේ සහ 8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.
2024-03-09 21:15:26
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් ඉංජිනේරු සේවා බලකා නිලධාරී නිවස්නයේදී 2024 මාර්තු මස 08 දින පැවැත්වූ අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.