Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2024 20:33:18 Hours

8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අලගල්ල කඳුවැටියෙන් ඇදවැටුණු විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු බේරාගනී

611 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මාර්තු මස 10 දින කෑගල්ල ප්‍රදේශයේ පිහිටි අලගල්ල කඳුවැටියේ බෑවුම් ප්‍රදේශයෙන් ඇදවැටුණු විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු බේරාගැනීමට කටයුතු කරනු ලැබීය.

වයඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම කඳු තරණය සඳහා සහභාගී වී ඇති අතර ඔවුන් මාර්තු මස 09 දින එම කඳුවැටියේ රාත්‍රී කඳවුරු බැඳ සිට ඇති අතර පසුදින ඔවුන් අතරින් එක් විද්‍යාර්ථයෙකු එම කඳුවැටියේ බෑවුම් ප්‍රදේශයෙන් ප්‍රපාතයට ඇදවැටී බරපතළ තුවාල ලබා ඇත.

මෙම සිදුවීම පිළිබඳ දැනුවත් වූ විගස 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කාර්ය නියුක්ත අණදෙන නිලධාරි මේජර් ජී.සී. අබේනායක යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් කඩිනමින් එම ස්ථානය වෙත ගොස් එම විද්‍යාර්ථයා වෙත අවශ්‍ය වෛද්‍ය ආධාර කඩිනමින් ලබාදීමෙන් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.