10th March 2024 10:18:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමාජිකයින්ගේ ආපදා කළමණාකරන සුදානම වැඩිදියුණු කිරීම උදෙසා සංවිධානය කරනු ලැබූ හදිසි ආපදා කළමණාකරන වැඩමුළුව 2024 පෙබරවාරි මස 26 දින සිට 2024 මාර්තු මස 01 දින දක්වා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ වේරහැර, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදි.
මෙම වැඩසටහනට න්‍යායාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් විය. මෙම අභ්‍යාසය වැඩබලන හදිසි අනතුරුව සහ හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය මේජර් රත්නායක සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි. යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ජී.කේ.එච්. විජේවර්ධන ආර්එස්පී යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.