Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2024 10:23:01 Hours

532 පාබල බලසේනාවේ 14 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

1 බලකාය යටතේ ස්ථාපිත 53 පාබල සේනාංකයට අයත් 532 පාබල බලසේනාවේ අභිමානවත් 14 වන සංවත්සර දිනයට සමගාමීව සඳුන්පුර ප්‍රදේශයේ පිහිටි එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.පී. වික්‍රමරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත භටපිරිස් විසින් 2024 මාර්තු මස 04 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පවත්වන ලදී.

සංවත්සර දිනයේදී, බලසේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ ආචාර පෙළපාලියේ ගෞරවාචාරයන් පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ බලසේනාධිපතිතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය.

එදින සන්ධ්‍යාවේ, දිවංගත රණවිරුවන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම සහ සේවයේ නියුතු රණක්‍ෂිතයට පත් සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ආශිර්වාද එක්කිරීමේ අරමුණින් බෝධි පූජා පිංකමක් ද පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.