Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2024 10:25:50 Hours

12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක්

121 පාබල බලසේනාවේ සහ 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කතරගම - බුත්තල ප්‍රධාන මාර්ගයේ සෙල්ලකතරගම සිට ගෝනගංආර ප්‍රදේශය දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2024 මාර්තු මස 05 දින ක්‍රියාත්මක කරන ලදී.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම යටතේ මාර්ගය භාවිතා කරන පුද්ගලයන් විසින් වන සතුන්ට ආහාර ලබාදීම හේතුවෙන් මාර්ගය දෙපස ගොඩගැසී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදා භටපිරිස් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

121 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, වනජීවී කාර්යාලයේ නියෝජිතයන් සහ සිවිල් වැසියන් ඇතුළු 200 කට අධික පිරිසක් සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.