2024-05-08 05:43:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් පී.පී.ඒ. පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ දී මැයි මස 06 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-05-08 05:42:06
2024 මැයි මස 01 දින සිට මැයි මස 02 දින දක්වා ශ්‍රී පාද වන්දනාවේ නිරත මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින් පිරිසකගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී ගේ උපදෙස් මත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් ඔවුන්ගේ එම වන්දනා ගමන සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාරපාන ලබා දුන්හ.
2024-05-08 05:41:30
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් තිස්සමහාරාම, රන්මිණිතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 120 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සුභසාධන වැඩසටහනක් 2024 මැයි 02 දින සංවිධානය කරන ලදී.
2024-05-08 05:35:39
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 මැයි මස 04 දින කතරගම, කරවිල ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ලිදක් සහ සනීපාරක්ෂක පහසුකම් ඉදිකර භාර දෙනු ලැබිණි.
2024-05-07 18:58:36
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත අනුරාධ කොතලාවල මහතාගේ අනුග්‍රහකත්වයෙන් හා 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් කිතුළුතුව, මොරවැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකර දුන් නව නිවස අප්‍රේල් මස 09 දින එම ප්‍රතිලාභී පවුල වෙත පවරා දෙන ලදී.
2024-05-07 18:56:13
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 මැයි 06 වන දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය.
2024-05-07 18:51:16
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයන්ගේ ජාතික සම්මේලනයේ ලේකම් ජනක දේශප්‍රිය මහතාගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පිඑස්සීගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මැයි 04 වන දින මහනුවර සහ මහියංගනය වෙත විශේෂ චාරිකාවක් සඳහා සහභාගී වූ දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී.
2024-05-06 19:00:27
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සි අප්‍රේල් මස 27 දින සිට මැයි මස 01 දින දක්වා 22 පාබල සේනාංක මූලස්ථානයේ සහ එම මූලස්ථානය යටතේ ඇති පාබල බලසේනා සහ ඒකකයන්හි නිල සංචාරයක් සිදුකරන ලදී.
2024-05-06 18:56:04
අධ්‍යක්ෂක ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී බ්‍රහස්පතින්දා (මැයි මස 02) දින ඉංජිනේරු සේවා වෘත්තීය පුහුණු පාසල, 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, සහ 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිතර වූයේය.
2024-05-06 18:54:43
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් මැයි මස 02 දින පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තූ මූලස්ථානයේදී පැවැත්විණි.