2025-02-21 09:31:28
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම සහ 212 හා 561 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්ෂණය මත භටපිරිස් විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළමු අදියරේ කොටසක් ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ ස්ථාපිත පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-02-21 09:23:42
මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP ගේ මඟපෙන්වීම මත 59 පාබල සේනාංකය වෙතින් 6 බලඇණිය ගැමුණු හේවා බලකා මූලස්ථානයේදී අංගම්පොර පුහුණු වැඩසටහනේ දෙවන අදියර පැවැත්වීය. මෙම වැඩසටහන 2025 පෙබරවාරි මස 15 සිට 28 දින දක්වා යුද්ධ හමුදා සාමාජිකයන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
2025-02-20 16:39:24
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල්
2025-02-20 12:24:38
යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එස්.ඒ.යූ.ඒ සෝලංගආරච්චි RSP ndc psc 2025 පෙබරවාරි මස 17 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2025-02-20 12:07:57
යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා පාපන්දු කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් රෙජිමේන්තු ‘සත් සාමාජික පාපන්දු ශූරතාවලිය - 2025’ හි අවසන් මහා තරඟය පෙබරවාරි මස 14 දින පනාගොඩ, පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 11 ක් නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් සහභාගි විය.
2025-02-20 12:05:11
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 18 දින නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් මුල්ලිවයික්කාල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-02-20 12:04:03
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc
2025-02-20 11:29:06
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය බදාදා පුහුණු දින වැඩසටහනේ කොටසක් ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම මත 2025 පෙබරවාරි මස 13 දින ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නීති රාමුව’ මැයෙන් විශේෂ දේශනයක් පැවැත්විණි.
2025-02-20 11:25:30
641 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 50 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 13 දින නාරංගමුව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.
2025-02-19 12:07:57
කඳාන, ලක්පහන ජාත්‍යන්තර පාසලේ අභිනවයෙන් පත්කරනු ලැබූ ශිෂ්‍ය නායකයින් වෙත නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025 පෙබරවාරි මස 14 දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර් ද එස්. ධර්මවික්‍රම RSP සහභාගි විය.