20th February 2025 12:04:03 Hours
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ අභිමානවත් 15 වන සංවත්සරය දින සැමරුම සනිටුහන් කරමින් 2025 පෙබරවාරි මස 14 දින එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.
සංවත්සර දිනයේදී, සේනාංක මූලස්ථාන ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව, එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය. අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංක මූලස්ථාන කාර්යාල සංකීර්ණය අභියසදී අභිනවයෙන් ස්ථාපිත කළ මිලිමීටර් 130 කාලතුවක්කුව විවෘත කරනු ලැබීය.
සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.