Header

Sri Lanka Army

Defender of the Nation

19th February 2025 12:07:57 Hours

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගි වෙයි

කඳාන, ලක්පහන ජාත්‍යන්තර පාසලේ අභිනවයෙන් පත්කරනු ලැබූ ශිෂ්‍ය නායකයින් වෙත නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025 පෙබරවාරි මස 14 දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර් ද එස්. ධර්මවික්‍රම RSP සහභාගි විය.

මෙම උත්සවය අතරතුරදී, නව ශිෂ්‍ය නායකයන් වෙත වගකීමෙන්, අඛණ්ඩතාවයෙන් සහ විශ්වාසයෙන් සිය කාර්යභාරයන් සිදුකිරීම සඳහා දිරිගැන්වීමේ අරමුණින් නායකත්ව මූලධර්ම පිළිබඳව අභිප්‍රේරණ දේශනයක් ද එතුමන් විසින් පවත්වන ලදී. එහිදී, ආදර්ශමත් නායකත්වය සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම සබැඳිව ද වැඩිදුරටත් දැනුවත් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා එම පාසලේ විදුහල්පති, ගුරු භවතුන්, දෙමාපියන් සහ අනෙකුත් සාමාජිකයන් සහභාගි වූහ.