20th February 2025 16:39:24 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් කේ.එම්.එස් පෙරේරා (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහෙන්පිට, යුද්ධ හමුදා රෝහලේදී 2025 පෙබරවාරි මස 19 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට එතුමන් 85 වන වියේ පසුවිය.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා 2025 පෙබරවාරි මස 20 දින පෙරවරු 8.30 සිට නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ අංක 168/5 දරණ නිවසේ තැන්පත් කර තැබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව 2025 පෙබරවාරි මස 22 දින සන්ධ්‍යාවේ 05.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.