2024-06-20 15:11:08
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත 19 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරී මේජර් බී.ඒ.කේ.අයි.කේ. බෝගොඩ ආර්ඩබ්ලිව්පී යූඑස්පී මූලිකත්වයෙන් නිවසක් ඉදිකිරිම ආරම්භ කරන ලදී. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා වැව ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් 19 ශ්‍රී ලංකා පාබල හමුදාවේ තාක්ෂණය සහ ශ්‍රමදායකත්වය මත මෙම නිවසය ඉදිකිරිම ආරම්භ කරන ලදී.
2024-06-20 15:10:43
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පීගේ මඟපෙන්වීම යටතේ 12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.වී.පී. හේරත් විසින් 2024 ජුනි මස 18 දින දිවා භෝජන සංග්‍රහයක් පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ලදී. පොසොන් පුර පසළොස්වක පොහොය දිනට සමගාමීව මුරුථාන ශ්‍රී මුරුගන් විද්‍යාල පරිශ්‍රයේදී මෙම වැඩසටන ක්‍රියාත්මක කෙරෙණි.
2024-06-20 15:09:59
24 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 'බුද්ධංගල විහාරස්ථානයේ' විහාර භූමියේ ගොඩගැසී ඇති අපද්‍රව්‍ය සහ කුණු ඉවත් කිරීමේ අරමුණින් ප්‍රජා ව්‍යාපෘතියක් සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතිය එළඹෙන පොසොන් පොහෝ දිනට සමඟාමීව 24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 19 දින සිදුකරන ලදී.
2024-06-20 15:04:42
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ සංකල්පයකට අනුව 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවන් වෙනුවෙන් නව පුස්තකාලයක් ඉඳිකරනු ලැබීය. නව පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිගේ සුරතින් 2024 ජුනි මස 15 දින මෙම නව පුස්තකාලය විවෘත කෙරිණි.
2024-06-20 15:02:14
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් 2024 ජුනි මස 19 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී ‘සමාජීය ගැටළු සඳහා විසඳුම්’ තේමාව ඔස්සේ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, කාන්තා හිංසනය සහ එහි නීතිමය පසුබිම, මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් ජීවිතයක් යන තේමාවන් පිළිබඳ දේශනයන් පැවැත්විණි.
2024-06-20 14:59:30
පසුගිය දිනවල පැවති අධික මෝසම් වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබූ අතර එම හේතුවෙන් පවුල් රැසක් අවතැන් වූ අතර මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 2024 ජුනි මස 19 දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ගංවතුරෙන් වැඩිපුරම පීඩාවට පත් වූ වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 35 දෙනෙකු වෙනුවෙන් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබිණි.
2024-06-20 09:33:21
2024-06-19 14:01:15
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා මුක්ත භඨ සංගමයේ 43 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම රෙජිමේන්තුවේ විශ්‍රාමික නිලධාරීන් සහ සෙසුනිලයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2024 ජුනි 16 දින වැඩසටහනක් පැවැත්විණි.
2024-06-19 13:59:41
’48 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි ජාතික මට්ටමේ කරාතේ තරඟාවලිය - 2024’ ජුනි මස 6 සිට 9 දින දක්වා මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ඉසව් 07 ක් තුළින් රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනාගැනීමට සමත්වූහ. එමෙන්ම, යුද්ධ හමුදා කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් ද ලෝකඩ පදක්කමක් දිනාගත්හ.
2024-06-19 13:56:32
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 ජූනි මස 11 දින එම සේනාංක මූලස්ථානයේ නිලධාරීන්ගේ පුහුණු දිනය සහ Diners Club වැඩමුළුවක් පැවැත්විණි.