20th June 2024 15:02:14 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් 2024 ජුනි මස 19 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී ‘සමාජීය ගැටළු සඳහා විසඳුම්’ තේමාව ඔස්සේ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, කාන්තා හිංසනය සහ එහි නීතිමය පසුබිම, මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් ජීවිතයක් යන තේමාවන් පිළිබඳ දේශනයන් පැවැත්විණි.
මේජර් ජී.ආර්. හේවානායක විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසුනිලයන් 189 දෙනෙකු සහභාගී වූහ.