20th June 2024 09:33:21 Hours
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ ප්‍රධානත්වයෙන් 2024 ජුනි මස 13 දින රාගම ප්‍රදේශයේ පිහිටි මූලික යුධෝපකරණ ගබඩාවේ පාලන පරීක්‍ෂාවක් සිදුකරනු ලැබීය.
එම පරිශ්‍රය වෙත සපැමිණි භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපතිතුමන්ව මූලික යුධෝපකරණ ගබඩාවේ සේනාවිධායක කර්නල් කේ.පී.එන්.එස්.කේ. කාරියවසම් එල්එස්සී ඒඒටීඕ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනීසිටියේය. මෙම සංචාරය අතරතුරදී, මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ එම කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක ද නිරතවූයේය.
සංචාරයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් මූලික යුධෝපකරණ ගබඩාව උසස් ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යාමට සේනාවිධායකතුමන් ඇතුළු සියලු නිලයන්ගේ කැපවීම ඇගයීමට ලක්කළේය. පසුව, එතුමන් අනාගතයේ ක්‍රියාත්මක කිරීමට නියමිත පුහුණු වැඩසටහන් පිළිබඳව ද අදහස් දක්වමින් පාඨමාලාවන් සඳහා සහභාගී වීම, පුහුණු අවස්ථා සහ නිරන්තර අධ්‍යයන කටයුතු තුළින් වෘත්තීමයභාවය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් වන ආකාරය පිළිබඳ පැවසීය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.