19th June 2024 14:01:15 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා මුක්ත භඨ සංගමයේ 43 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම රෙජිමේන්තුවේ විශ්‍රාමික නිලධාරීන් සහ සෙසුනිලයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2024 ජුනි 16 දින වැඩසටහනක් පැවැත්විණි.
සංවත්සර දින උත්සවය අතරතුරදී මේජර් ජෙනරල් එම්.කේ.ඩී. පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා මුක්ත භඨ සංගමයේ නව සභාපති ලෙස පත් කරන ලදී. මෙම වැඩසටහන අතරතුරදී, සංගමයේ ඉදිරි කටයුතු සහ එහි සාමාජිකයින්ගේ යහපැවැත්ම පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය.