Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2024 13:59:41 Hours

‘48 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි ජාතික මට්ටමේ කරාතේ තරඟාවලිය - 2024’ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දක්‍ෂතා දක්වයි

’48 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි ජාතික මට්ටමේ කරාතේ තරඟාවලිය - 2024’ ජුනි මස 6 සිට 9 දින දක්වා මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් ඉසව් 07 ක් තුළින් රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනාගැනීමට සමත්වූහ. එමෙන්ම, යුද්ධ හමුදා කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් ද ලෝකඩ පදක්කමක් දිනාගත්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදා කරාතේ කමිටුවේ නියෝජ්‍ය සභාපති බ්‍රිගේඩියර් ආර්.ඩී. සලේ එන්ඩීසී ගේ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.