Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2024 13:56:32 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නිලධාරි පුහුණු දිනය සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 ජූනි මස 11 දින එම සේනාංක මූලස්ථානයේ නිලධාරීන්ගේ පුහුණු දිනය සහ Diners Club වැඩමුළුවක් පැවැත්විණි.

මෙම පුහුණු දින වැඩසටහන, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නිලධාරීන් වෙනුවෙන් අත්‍යවශ්‍ය කුසලතා සහ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා නිර්මාණය කර ඇති අංශයන් පහකින් සමන්විත විය. වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් ශාරීරික යෝග්‍යතා වැඩසටහනක් පැවැත්වීමෙන් අනතුරුව අසි සරඹ පුහුණුවක් පැවැත්විණි.

මෙම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් Generals’ Talk session අංගය පැවැත්වීය. එහිදී, මේජර් ජෙනරල්වරුන් හත් දෙනෙකු තරුණ නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ඔවුන් සිය වෘත්තීය දිවියේ මුහුණ දුන් කැපී පෙනෙන අවස්ථා, අභියෝග, ඒවායින් ලද ප්‍රගතීන් සහ ඔවුන් එම අභියෝගයන් ජයගත් ආකාරය පිළිබඳ එම රෙජිමේන්තු නිලධාරින් දැනුවත් කළහ.