2024-06-26 21:15:01
වවුනතිව් - කන්නකුඩා ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන පී. වසන්තන් මහතා 2024 ජුනි මස 19 දින අභාවප්‍රාප්ත වූ අතර, ඔහුගේ අවසන් කටයුතු 2024 ජුනි මස 20 දින කන්නකුඩා ප්‍රදේශයේදී සිදුකරන ලදී.
2024-06-25 23:15:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධ සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුනි මස 22 දින 1 ඉංජිනේරු සේවා බලකායේ නිල සංචාරයක නිරත වූ අතර, කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් පී.ඒ.ඒ.එස් පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.
2024-06-25 19:00:09
යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂක මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් එන්.එච් මල්සිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 2024 ජූනි මස 24 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-06-25 18:59:37
පොසොන් දිනය සහ මහින්දාගමනයේ වැදගත්කම සංකේතවත් කරමින් විවිධ ජන කොටස් එකමුතුව කටයුතු කිරීම සංකේතවත් කරමින් දිසාපති කාර්යාලය, රාජ්‍ය නිලධාරීන්, හමුදා සාමාජිකයින්, අනෙකුත් සන්නද්ධ සේවා සහ පොලිසිය එක්ව අම්පාර නගරයේ සංවිධානය කරන ලද නැගෙනහිර පොසොන් කලාපය මගින් ඓතිහාසික මහින්දාගමනය පිලිබිඹු කරනු ලැබීය.
2024-06-25 18:59:36
පොසොන් පොහෝ දිනය වෙනුවෙන් 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින කරුවලගස්වැව ගල්ලෙන් විහාරස්ථානයේදී කිරිබත් දන්සැලක් පවත්වන ලදී. මෙම දන්සැල සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
2024-06-25 18:58:27
අක්ෂි දන්දීමේ ඈත ඉතිහාසයක් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාව, පාකිස්තානය සමඟ ඇති දිගුකාලීන සබඳතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පාකිස්තානු යුද්ධ හමුදාවට අක්ෂි පටක පරිත්‍යාග කිරීමේ වැඩසටහන නැවත ආරම්භ කර ඇත. අභියෝගාත්මක අවස්ථා වලදී එකිනෙකාට සහය වූ සහෝදර ජාතීන් දෙකක් වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය, දෙරටෙහි වැසියන් අතර ඇති සබඳතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම උදාර මානුෂීය වැඩසටහන නැවත ආරම්භ කරනු ලැබීය.
2024-06-25 18:45:50
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය 28 වැනි සංවත්සරය නිමිත්තෙන් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබූ ‘Palmyra Challenge Trophy’ ක්‍රිකට් තරඟාවලියේ පළමු අදියර යටතේ යාපනය ජීනියස් සහ කිලිනොච්චි ජීනියස් කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟය 2024 ජුනි 23 දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූහ.
2024-06-25 18:42:36
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් 611 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.ඩී.එල්.එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින ‘මඤ්ඤොක්කා දන්සැලක්’ පවත්වන ලද අතර, ඒ සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
2024-06-25 09:48:24
ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජුනි මස 22 දින ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2024-06-25 08:07:35
පොසොන් පොහොය දිනයට සමගාමීව 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ 2024 ජුනි මස 21 දින එම සේනාංකයේ භටපිරිස් විසින් ධර්ම දේශනා වැඩසටහනක් සංවිධානය කරන ලදී.