25th June 2024 09:48:24 Hours
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජුනි මස 22 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පරිශ්‍රයේ දී පවත්වන ලදී.
මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.අනතුරුව, එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාරදීම සිදුකරන ලදී.
එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටිහය. අනතුරුව, සියලුම නිලයන් අමතමින් තම රාජකාරි කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කළේය.
උත්සවයේ කටයුතු අවසන් කරමින් ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් සේවක මහතුන්ද සහභාගි වූහ.