25th June 2024 19:00:09 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් එන්.එච් මල්සිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 2024 ජූනි මස 24 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.
ආගමික වතාවත්වලින් අනතුරුව, ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරී හෙබවූ මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් පත් වී ඇත.
මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.