Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2024 21:15:01 Hours

243 පාබල බලසේනාවේ භටපිරිස් පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයා වෙත අවසන් ගෞරව දක්වයි

වවුනතිව් - කන්නකුඩා ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන පී. වසන්තන් මහතා 2024 ජුනි මස 19 දින අභාවප්‍රාප්ත වූ අතර, ඔහුගේ අවසන් කටයුතු 2024 ජුනි මස 20 දින කන්නකුඩා ප්‍රදේශයේදී සිදුකරන ලදී.

සාර්ථක ලෙස පුනරුත්ථාපනය වූ පී. වසන්තන් මහතා, පසුව සියලුම ජන‍ කොටස් අතර සහයෝගය සහ සංහිදියාව වර්ධනය කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කර ඇත.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ.කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 243 පාබල බලසේනාවේ සහ 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් පී .වසන්තන් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අවමංගල්‍ය උත්සවයට සහභාගී වූහ.