2024-07-04 13:32:56
‘සීෂෙල්ස් නිදහස් දින බොක්සිං තරඟාවලිය’ 2024 ජූනි මස 16 සිට 26 දින දක්වා සීෂෙල්ස් රාජ්‍යයේදී පැවති අතර ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දස්කම් දැක්වූහ.
2024-07-04 13:32:44
56 පාබල සේනාංකය සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණිවල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 ජුලි මස 02 දින 56 පාබල සේනාංක ක්‍රීඩා පිටියේදී වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණි.
2024-07-03 13:47:57
ලෝක මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2024 වසරේ පැවැත්වීමට නියමිත පැරිස් ඔලිම්පික් ක්‍රීඩා
2024-07-03 13:40:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ 34 වන සේනාවිධායක ලෙස කර්නල් ටී.ඩී.පී. සිරිවර්ධන පීඑස්සී 2024 ජුනි මස 28 දින නව ධූරයේ රාජකාරී භාර ගන්නා ලදී. පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, පසුව එම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක විසින්, නව සේනාවිධායකතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
2024-07-02 16:46:57
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොඩ්රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 ජූනි මස 28 දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ දියතලාවේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී රාජකාරි භාරගත්තේය.
2024-07-02 16:45:57
නව ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජුනි මස 29 දින 21 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
2024-07-02 16:44:27
102 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය 2024 ජුනි මස 27 වන දින නිමාවට පත් වූ අතර, එහි සමස්ථ ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වූහ. 2024 ජූනි මස 25 දින සිට 27 දින දක්වා පැවති මෙම මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
2024-07-01 18:12:38
යුද්ධ හමුදා මූලස්ථානයේ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජූනි මස 14 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-07-01 18:11:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය - ගම්පොළ මගින් 2024 ජූනි මස 10 දින සිට 28 දින දක්වා උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක 11 ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
2024-07-01 18:10:51
24 පාබල සේනාංකය විසින් හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර විද්‍යාලයේ ළමුන් 54 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් 2024 ජුලි මස 28 දින පවත්වන ලදී. 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත පාසල් ළමුන්ගේ අනාගත නායකත්ව කුසලතා වර්ධනය කිරීම අරමුණින් මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලැබීය.