03rd July 2024 13:40:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ 34 වන සේනාවිධායක ලෙස කර්නල් ටී.ඩී.පී. සිරිවර්ධන පීඑස්සී 2024 ජුනි මස 28 දින නව ධූරයේ රාජකාරී භාර ගන්නා ලදී. පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, පසුව එම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක විසින්, නව සේනාවිධායකතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාවිධායකතුමන් පුහුණු පාසල් පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව එතුමන් සියළු නිලයන් ආමන්ත්‍රණය කරමින් පුහුණු වීමේදී වෘත්තීයභාවයේ වැදගත්කම, විනය සහ පුහුණු පාසලේ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ කරුණු අවධාරණය කරන ලදී.
උත්සවයේ කටයුතු අවසන් කරමින් සෙසුනිල භෝජනාගාරයෙහි සියළු නිල තේ පැන් සංග්‍රහයක්ද පැවැත්විණි.