Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2024 16:45:57 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි 21 පාබල සේනාංකයේ නිල සංචාරයක

නව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජුනි මස 29 දින 21 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත 21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

සංචාරයේදී එතුමන් එම සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟින් සුහද පිළිසදරක නියැලුනු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. අනතුරුව, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. උත්සව කටයුතු අවසානයේදී එතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.