02nd July 2024 16:46:57 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොඩ්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 ජූනි මස 28 දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ දියතලාවේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී රාජකාරි භාරගත්තේය.
මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.
අනතුරුව, එතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනාවන් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. පසුව එතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වී අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.