Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2024 13:47:57 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දිල්හානි ලේකම්ගේ, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි

ලෝක මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2024 වසරේ පැවැත්වීමට නියමිත පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇත. එම සුදුසුකම් ලැබීමේ කාලය 2024 ජූනි 30 දිනෙන් අවසන් වූ අතර, මෑත කාලීනව ඇයගේ තරඟ වාර්ථා පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට ඉවහල් වී ඇත.

ඇය ලෝක මළල ක්‍රීඩිකාවන් අතර ඉහළම ශ්‍රේණිගත කිරීම ලබාගෙන, මේ වනවිට 26 වන ස්ථානයේ පසුවෙයි. ක්‍රීඩිකාවන් 32 දෙනෙකු මෙම ක්‍රීඩා උළෙල සඳහා තෝරාගැනීමට නියමිතය. මෙම ජයග්‍රහණයන් ඇයගේ කැපවීම සහ දක්‍ෂතාවය ප්‍රදර්ශනය කරන අතරම ඇයගේ මළල ක්‍රීඩා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ද සනිටුහන් කරයි.