Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2024 18:12:38 Hours

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජූනි මස 14 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.

එම අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඉදිරියේදී, ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද එක්ව සිටියහ.