2024-07-09 20:10:26
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරාල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2024 ජූලි මස 06 දින 54 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන්හී ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2024-07-09 19:58:53
12 පාබල සේනාංකය සහ ‘Hope for Life' ලංකා පදනම සමඟ එක්ව 2024 ජූනි මස 29 දින බුත්තල, අලුත්වෙල රජමහා විහාර දහම් පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ, අභ්‍යාස පොත් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-07-09 19:54:50
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිලධාරී නිවස්නය 2024 ජූලි මස 07 දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
2024-07-09 19:45:58
යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 04 දින 14 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2024-07-09 19:44:04
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ 51 පාබල සේනාංකය සහ උරුම්පිරායි යාපනය කනිෂ්ඨ පාපන්දු විද්‍යාපීඨය එක්ව කෝපායි, 51 පාබල සේනාංක මූලස්ථානයේ පිහිටි ‘CIMIC’ උද්‍යාන පාපන්දු ක්‍රීඩාංගණයේදී 2024 ජූලි මස 6 සහ 7 යන දිනයන්හිදී පාපන්දු තරඟාවලියක් පවත්වන ලදී.
2024-07-07 14:32:25
යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල්
2024-07-07 07:53:20
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 ජූලි මස 03 දින භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - නැගෙනහිර සහ ඒ යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදක ඒකකයන්හී නිල සංචාරයක නිරත විය. භටපිරිස්හී සුවදුක් විමසීම සහ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් මෙම සංචාරය සිදුකරනු ලැබීය.
2024-07-07 07:48:35
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් 2024 ජූලි මස 04 දින යුද්ධ හමුදා භටපිරිස් 114 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ‘මානසික ආතතියෙන් මිදීම’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය.
2024-07-07 07:47:35
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී පරිත්‍යාග වැඩසටහනක් 2024 ජූලි මස 06 දින පැවැත්විණි.
2024-07-07 07:47:04
පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ මඟපෙන්වීම මත 613 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි 04 දින වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව පුහුණු වැඩසටහනක්’ පැවැත්වීය.